2023 වසරේ පැවැත්වීමට අදාළව ලබා දී තිබුණු නාමයෝජනා ආපසු කැඳවීමට රජය තීරණය කරයි.
ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ පිළිබඳව පසුගිය මස 25 වැනි දා පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේ දී 2023 වර්ෂයේ කැඳවන නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීමට හැකිවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය පැවරෙන සේ පළාත් පාලන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස තීනි කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
(ජනක බලල්ල)