ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදන කරයි. පොලිස් කොමිෂන් සභාව විසින් මෙම මාරුවීම් ලබා දී ඇති අතර, ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මාරු කර තිබේ. නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇත්තේ ජේයෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර ඇත්තේ, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස්. මුතුමාල වන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය නුගේගොඩ කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර ඇත.
එම ස්ථාන මාරුවීම් කිහිපයක නම් ලැයිස්තුව පහතින් දැක්වේ.
(ජනක බලල්ල)