19.3 C
Sri Lanka
Friday, January 24, 2025

ඇමෙරිකන් සහකාර ලේකම්වරයකු දෙසැ 05 දිවයිනට

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ දෙසැම්බර් 05 වැනි දා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන බව  අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  

තිරසාර ආර්ථික වර්ධනයන් ප්‍රවර්ධනය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණකි.

ඔහු දෙසැම්බර් 3 සිට දෙසැම්බර් 10 දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලයට යන රටවල  සංචාරය කිරීමට නියමිත අතර, කලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ දී අරමුණු කර ඇත.

US AID නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් සහකාර ලේකම්වරයා සමග ශ්‍රී ලංකාවේ නව රජයේ ප්‍රධානීන් සහ සිවිල් නියෝජිතයන් කිහිප දෙ‍ක් ද මෙම සංචාරයේ දී හමුවීමට ද නියමිතව ඇත.

(චම්ලි මධුහංස)

More news>>>

Latest Articles