අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තම පුත්‍රයා වන හන්ටර් බයිඩන් ට සමාව දෙමින් නිල නිවේදනය නිකුත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු ගිනිඅවි අවභාවිත කළ බවට සහ සහ බදු පැහැරහැරීමේ චෝදනාවලට වරදකරු වී සිටි අතර, ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමේ නියෝගය මේ මස නිකුත් කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් සිය පුත්‍රයාට ජනාධිපති සමාව ලබා නොදෙන බව මීට ජෝ බයිඩ්න් පවසා තිබුණත්, ඊයේ සවස (01) ඔහු පවසා ඇත්තේ තමා අමෙරිකානු යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විශ්වාස කළ ද සිය පුත්‍රයාට එරෙහි නඩු විභාගය දේශපාලන බලපෑම්වලින් පිරී තිබුණු එකක් බව ය.
හන්ටර් බයිඩන්, බදු චෝදනා සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ දී වරද පිළිගත් අතර පසුගිය ජූනි මාසයේ දී තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරමින් ගිනිඅවියක් තබා ගැනීම සම්බන්ධයෙන්ද අධිකරණයෙන් වැරදිකරු වී සිටියේ ය.
සිය පුත්‍රයාට සමාව දෙමින් නියෝගයක් නිකුත් කිරීමට ජෝ බයිඩන් ගත් තීරණය විවේචනය කරමින් මීළඟ ජනපති ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ජෝ බයිඩන් යුක්තිය අවභාවිත කර ඇති බවය.
කෙසේ වෙතත් ඇමැරිකානු ජනාධිපතිවරයකු ධුරයේ සිටියදී පුතකු හට අපරාධ චෝදනා එක්වුණු පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(චම්ලි මධුහංස)