පුද්ගලයන්ගේ වට්ස්ඇප් ගිණුම් Hack කර ව්‍යාජ පණිවිඩ ඔස්සේ මුදල් ඉල්ලන ජාවාරමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බැවින් එවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි.
තම හිතවතෙකුගේ හදිසි අවශ්‍යතාවකට මුදල් අවශ්‍ය බව පවසා, අදාළ මුදල එම තැනැත්තාගේ ගිණුමට යවන ලෙසත්, එම මුදල් හැකි ඉක්මනින් ආපසු ලබාදෙන බවත් මෙම වට්ස්ඇයි පණිවිඩ මගින් දැනුම් දෙයි.
ඇතැම්විට වට්ස්ඇප් පමණක් නොව ෆේස්බුක් / ඉන්ස්ටර්ග්‍රෑම් / ටික්ටොක් ආදී වෙනත් ජනප්‍රිය සමාජ ජාල හරහා ද පරිගණක වංචාකරුවන් මෙවැනි පණිවුඩ යවමින් මුදල් වංචා කරන බවට පැමිණිලි ලැබී ඇති බව ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් දැනුම් දෙයි.
(ජනක බලල්ල)