20 C
Sri Lanka
Friday, January 24, 2025

O/L අයදුම්පත් කැඳවීම දෙසැ.10 තෙක් දීර්ඝ කරයි

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කරන බව විභාග දෙපාර්තමේන්තුව දන්වයි.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වැනි දා සිට 30 වැනි දා තෙක් කල් ලබා දී තිබුණ ද දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කාලය දෙසැම්බර් 10 වැනි දා තෙක් දීර්ඝ කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් එච් ජේ එම් සී අමිත් ජයසුන්දර පවසන්නේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහත අංක මගින් හා ඉ-මේල් ලිපිනය මගින්  ලබාගත හැකි බව ය.

ඝෘජු දුරකථන අංක: 1911, 0112784208, 0112784537, 0112786616
ෆැක්ස්: 0112784422

පොදු දුරකථන අංක: 0112786200, 0112786201, 0112786202
දිගුව: 263, 265, 280, 282, 442

විද්‍යුත් තැපෑල: [email protected]

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles