මුහුදු මගින් ප්‍රවාහනය කරමින් සිටි අයිස් හෙවත් ක්‍රිෂ්ටල් මෙත් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සහ සැකකරුවන් 11ක් රැගත් මෙරට බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් අද (02) කොළඹ වරායට රැගෙන එනු ලැබිණි.
ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදුකෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් පසු අරාබි මුහුදු සීමාවේ දී වැටලීම් සිදුකර මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ගමන් ගත් යාත්‍රා දෙක ඉන්දීය හමුදාව විසින් සිය භාරයට ගනු ලැබ ඇති අතර, පසුගිය 29 වැනි දා මත්ද්‍රව්‍ය තොගය සහිත නෞකාව සහ සැකකරුවන් ශ්‍රී ලංකා නාවික හමුදාවට වෙත භාර දී ඇත.
එම බහුදින යාත්‍රා සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිස පසුගිය 24 සහ 25 යන දිනයන්හී දී ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණි. එහි එක් යාත්‍රාවක අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් පමණ තිබූ බවත් අනෙක් යාත්‍රාව එහි සහායට ගොස් තිබු බවත් සඳහන් වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ දල විථි වටිනාකම රුපියල් මිලියන 3380 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධිවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.
මීට අමතරව ලද බුද්ධි තොරතුරුවලට අනුව තවත් අයිස් කිලෝ 344ක් සහ කොකේන් කිලෝ 124ක තොගයක් ද මාලදිවයින ආරක්ෂක අංශයට අත්අඩංගුවට හැකි වූ බවද නාවික හමුදාපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පැවැසීය.
(නායක බණ්ඩාර)