20 C
Sri Lanka
Friday, January 24, 2025

ත්‍රස්ත සංවිධනයකට මුදල් එකතු කළ අයකු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයකට බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සිට මුදල් එකතු කළ පුද්ගලයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු (අවු43) කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට 2009 වසරේ දී බ්‍රිතාන්‍යට ගොස් පුරවැසිභාවය ලබා ගත් අයකු බවත්,  එහි දී එක්කළ මුදල් කොළඹ හා වන්නි ප්‍රදේශයේ දී ඔවුන් විසින් තෝරානු ලැබූ පිරිස් වෙත බෙදා හැර ඇති බවත් පරීක්ෂණවලින් හෙළිවී ඇත.

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගනු ලැබූ විදෙස් ගමන් තහනම් නියෝගයක් මත සැකකරු ඊයේ (30) කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී ගුවන්තොටුපොළ විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles