මහජන කැළඹීමට තුඩුදෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරි බවට චෝදනා කර පරිගණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලබූ කැළුම් ජයසුමන ලබන 04 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර ඇත.
කැළුම් ජයසුමන පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (සිලින්ඩරය) යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කළ අයෙකි.
ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ LTTE සංවිධානයේ පැරැණි සැමරුම් දර්ශන මේ වසරේ පැවැත්වූ ඒ්වා ලෙස සංස්කරණය කර බෙදා හැර ඇති අතර, ඒමගින් ජාතිවාදව ඒ්වා ජාතිවාදය ඇවිස්සෙනසුුුළු බවත්, මහජන කැළඹිමට තුඩුදෙන බවත් පොලිසිය චෝදනා කරයි.
ජාතිවාදය වපුරන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නිලඇඳුම් සහ සංකේත ප්‍රචාරය කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හතරදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිරිස අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරවල පැවැති මහවිරු සැමරුම් උත්සව, මෙම වසරේ පවත්වා ඇතැයි හැඟෙන පරිදි සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රචාර කළ බවට සැකපිට ය.
අද අලුයම අත්අඩංගුවට ගත් පුද්ගලයා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ LTTE ධජය සහ නිල ඇඳුම් සහිත පැරණි ඡායාරූප වර්තමානයේ සිදුවූ සිදුවීමක් සේ හඟවමින් ප්‍රචාරය කර ඇති බව පොලිසිය පවසයි.
තවත් සැකරුවෙක් යාපනය ප්‍රදේශයේදී පසුගිය 29වැනි දා අත්අඩංගුවට ගෙන ඇති අතර, LTTE සංවිධානයේ ධජය සහිත ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම පිළිබඳ ඔහු අත්තඅඩංගුවට ගෙන ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ පැරණි LTTE සැමරුම්වලට අදාළ දර්ශන නූතන සිදුවීම් සේ ප්‍රචාරය කර තිබු පුද්ගලයන් දෙදෙනෙකු ද බද්දේගම සහ මරදාන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත.
(ජනක බලල්ල)