මත්පැන් සමාගම් දෙකක හිඟ සුරාබදු මුදල් ගෙවීමට හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පියවර ගෙන තිබේ.
හිඟ සුරා බදු නොවැම්බර් 30 වැනිදා ට පෙර ගෙවන ලෙසත්, එසේ නොමැති නම් එම බලපත්‍ර අහෝසි කරන බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සියලුම මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දෙන ලද අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් සමාගම් දෙක සහ තවත් සමාගමක් ඒ අනුව කලක් පැහැර හැර තිබූ හිඟ සුරාබදු මෙලෙස ගෙවා ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන අරක්කු නිෂ්පාදන සම්ගම් වසර ගණනක් තිස්සේ බදු ගෙවීම් පැහැර හැර තිබෙන බවටත්, බිලියන දෙකක පමණ බදු මුදල් මෙලෙස පැහැර හැර තිබෙන බවටත් පසුගිය වකවානුවේ දිගින් දිගටම දේශපාලන වේදිකාවල ප්‍රකාශ විය.
එම දැනුවත් කිරීමට අනුව ඊයේ දිනයේ ද (30 දා) සමාගම් කීපයක් හිඟ බදු ගෙවන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.
(නායක බණ්ඩාර)