20 C
Sri Lanka
Friday, January 24, 2025

මඟහැරුණු උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් මෙන්න

පසුගිය දිනවල දිවයින පුරා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නොවැම්බර් 27, 28,29, 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබුණු විෂයන් සඳහා දෙසැම්බර් මාසයේ දින ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

දෙසැම්බර් මස 4 වැනි දා පැවැත්වීමට නියමිතව විභාග කාලසටහනේ තිබූ විෂයන් ඒ ආකාරයෙන්ම පැවැත්වෙන අතර, රසායන විද්‍යාව පළමු පත්‍රය තාක්ෂණවේදයේ පළමු පත්‍රය, නාට්‍ය හා රංග කලාව සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පළමු පත්‍ර, සවස් වරුවේ දේශපාලන විද්‍යාව පළමු පත්‍රය 4 වෙනි බදාදා පැවැත්වීමට නියමිතය.

කල්දැමූ උසස්පෙළ විෂයන් නැවත පවත්වෙන දිනයන් මෙසේය.

* නොවැම්බර් 27 වන බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා
* නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා
* නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා
* නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා
* දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා
* දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා

මේ අතර සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වැනි සෙනසුරාදා නියමිත පරිදි පැවැත්වෙන අතර එදිනට ඉහත මඟහැරුණු විෂයන් පැවැත්වීමට නියමිත නව කාලසටහන වෙනස් වර්ණයකින් මුද්‍රණය කර විභාග අපේක්ෂකයන් හට ලබා දීමට කටයුතු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

More news>>>

Latest Articles