අගමැති අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser Al Ameri අතර හමුවක් අද (29) අගමැති කාර්යාලයේ දී පවත්වා තිබේ.
මෙම හමුවේදී තානාපති, ප්‍රජාතන්ත්‍රවා දී මූලධර්ම සඳහා මහජනතාවගේ දැඩි කැපවීම පිළිබඳ තානාපතිවරයා අගය කර ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බවද පවසා ඇත.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන නිපුණතාවෙන් සපිරි සහ වෘත්තීමය ශ්‍රී ලාංකිකයන්ගේ සේවය අගය කරන බවත් ඔහු පවසා තිබේ.
තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අංශයේ අතිරේක ලේකම් යසෝජා කේ ගුණසේකර යන අයද මේ අවස්ථාවට සහභාගී ඇත.
(චම්ලි මධුහංස)