ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් පහත දමා ඇති අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇත.
රු.311ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු.309කි.
රු.283 ක්ව පැවැති සුදු ඩීසල් ලීටරයක නව මිල රු.286කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ ලංකා සුපර් ඩීසල් මිල වෙනස් වී නොමැති අතර ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇත. එහි නව මිල 188කි.
(නායක බණ්ඩාර)