ගිනි අවි පෙන්වා පුද්ගලයන් බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කෑ කල්ලියක් ඊයේ (29) පොලිසියට කොටු වී ඇත.
මාවතගම හා පොල්පිතිගම පොලිස් වසම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස අත්අඩංගුවට පත් ගණන නවයකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීවරධාරියකුද සිටින අතර, ඔවුන් අවුරුදු 38ත් 49ත් අතර වයස්වල පසුවන වත්තේගම, සපුගස්කන්ද, පොල්පිතිගම, කුරුණෑගල, රත්නපුර හා විල්ගමුව ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ඔවුන් විසින් කොල්ල කන ලද රුපියල් කෝටියකට අධික මුදලක්, රන් පවුම් 07ක් සහ අපරාධය සඳහා භාවිත කළ සෙල්ලම් පිස්තෝල 02ක්, පිහියක් සහ වෑන් රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
(ජනක බලල්ල)