20.2 C
Sri Lanka
Friday, March 21, 2025

රජයේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය

නව රජයේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා පවසා ඇත.

ඒ ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපතිවරයා ලෙස පත්වූ අකියෝ ඉසොමතා මේ බව ප්‍රකාශ කළේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමිනුයි.

තවදුරටත් අදහස් දැක්වූ ජපාන තානාපතිවරයා පැවසුවේ ජනපතිවරයා අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා පහසුකම් සැලසීමට ජපානය සූදානම් බවද ඒ සඳහා අවශ්‍ය පුහුණුව හා පහසුකම් සලසන බවද තානාපතිවරයා සඳහන් කර තිබේ.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles