22.7 C
Sri Lanka
Thursday, December 12, 2024

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබූ අතර මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇත.

ඒ අනුව A-9 මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සාමාන්‍ය පරිදි මාර්ගයේ ගමන් කළ හැකි බව ද පොලීසිය නිවේදනය කර තිබේ.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles