20.1 C
Sri Lanka
Friday, March 21, 2025

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවෙයි

ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද (28) වාර්තා කළේය.

ඒ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු ආසියානු කණ්ඩායම අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 42කට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සීමා කිරීමති සමගයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පහරදීමට හැකි වූයේ පන්දුවාර 13.5 කට පමණි.මාකෝ ජැන්සන් ලකුණු 13 කදී කඩුලු 07ක් දවා ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 191ට වඩා ලකුණු 149ක් පසුපසින් සිටී.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles