20.2 C
Sri Lanka
Friday, March 21, 2025

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම් (276,550ක පීඩාවට පත්වෙයි )

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් පුද්ගලයින් 276,550 දෙනෙකු අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවත් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 7 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ.

මේ අතර ජලාශ ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයන් තවදුරටත් යටව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles