ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර ඇත.
ගාලු මුවදොර පැවති මහජන අරගලයට පහරදීම සම්බන්ධයෙන් වන නඩුව අද(27) කැඳවූ අවස්ථාවේදී සිද්ධියට සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නොමැත ඔවුන් විදෙස්ගතව ඇති බව නීතීඥවරුන් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් වරෙන්තු නිකුත් කර ඇත.
(සදරුවන් ප්‍රනාන්දු)