උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසළ කන්දක් කඩා වැටීමෙන් සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පවසා ඇත.
හැටන් වටරවුම් මාර්ගයේ පදිංචිකරුවන් විසින් දුම්රිය මාර්ගයට ඉහළ අක්‍රමවත් ආකාරයෙන් දිනපතා විශාල වශයෙන් කැලි කසළ බැහැර කරන බවත්, පවතින අධික වර්ෂාවත් සමග කසළ කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති අතර එම අවස්තාවේ දුම්රිය මාර්ග සංචාරක මුරකරු දැක ඒ පිළිබඳව තම කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වූ මගි ප්‍රවාහන දුම්රියක් නතර කර දුම්රිය මාර්ගයට වැටී තිබූ කසල කන්ද කපා ඉවත් කිරීමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කර තිබේ.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගි ප්‍රවාහන දුම්රියන් සියල්ල නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගෙන ඇත.
(සදරුවන් ප්‍රනාන්දු)