20.2 C
Sri Lanka
Friday, March 21, 2025

ලාෆ් ගෑස් හිඟය අවසන්

සති කිහිපයක් තිස්සෙ පැවැති ලාෆ් ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ අවසන් වනු ඇති බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය පවසයි.

ඊයේ (25) ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බව පැවසූ ඔහු ඒ අනුව අද සිට ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බව සඳහන් කළේය.

පසුගිය සති කිහිපයේ සිට වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතියේ නැව්වලට ගෑස් පැටවීමේ දී ඇති වූ ගැටලුවක් හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුනි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles