20.1 C
Sri Lanka
Friday, March 21, 2025

LTTE සැමරුම් උත්සව පැවැත්වීමට හැකියාවක් නෑ – මහජන ආරක්ෂක ඇමැති

LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයේ ලාංඡන, නිල ඇඳුම් හෝ සාමාජිකයන්ගේ පිංතූර යොදා ගනිමින් සැමරුම් උත්සව පැවැත්වීමට හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.

එහෙත් යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීමට ඔහුන්ට බාධාවක් නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙසේ ය.

“නීතියානුකූලව තමන්ගේ ඥාතියෙක් මියගියාම සමරන්න ඉඩකඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ. LTTE ලාංඡනය යටතේ ඒ පින්තූර භාවිත කරමින්. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි උතුරේ, දකුණේ, නැගෙනහිර හෝ කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිකිරීමේ අයිතිය තිබෙනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ උතුරේ ජනතාව ඥාතීන් සිහිකිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනත් තිබෙනවා. ඒත් අපි රටට අවධාරණය කරනවා LTTE සංවිධානය තහනම් සංවිධානයක් ඒ වෙනුවෙන් සැමරුම් කරන්න ඔවුන්ට ඉඩකඩක් නැහැ.


(ජනක බලල්ල)

More news>>>

Latest Articles