ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා ඇත.
ඒ අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගෙන එන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ අතර ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ රුපියල් බිලියන 213.373ක අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.
දෙසැම්බර් 5 සහ 6 යන දෙදින තුළ අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම නියමිතව ඇත.
(සදරුවන් ප්‍රනාන්දු)