23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

උඩරට දුම්රිය මාර්ගය හා බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් අවහිරවයි

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගල් කඩා වැටීම හේතුවෙනි.

මේ අතර පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් අවහිරව වී තිබේ.

ඒ අනුව බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර කිරිමණ්ඩලය අසල, හපුතලේ බෙරගල මාර්ගය, බදුල්ල – පස්සර මාර්ගයේ තුනේ කණුව, බදුල්ල කදන හරහා ස්ප්‍රිංවැලි මාර්ගය, බදුල්ල පස්සර මාර්ගයේ 7 කණුව, බිබිල ලුනුගල මාර්ගයේ අරවාකුඹුර යන මාර්ග සහ අවහිර වී ඇති බව වර්තා වෙයි.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles