කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුරකතන සමාගමකින් බවත් දුරකතනය සඳහා රුපියල් 24,220ක හිඟ බිලක් ඇති බැවින් එය ගෙවන ලෙස එම ඇමතුමෙන් දැනුම් දුන් බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත.
“ මගේ අමාත්‍යාංශයට මම ගිය විට ඇමැතිවරයාට ලබා දෙන ෆෝන් එකෙන් ආපු පළමුවෙනි දුරකථන ඇමතුම හිඟ දුරකථන බිල් පත ගෙවන්න කියලා දුරකථන සමාගමකින් ආපු දුරකථන ඇමතුමක්. මම හිතුවේ මට සුබ පතන්න හරි වෙන කවුරුහරි වෙන්න ඇති කියලා.
කර්මාන්ත අමාත්‍යාංශයෙන්ද කතා කරන්නේ කියලා සැරට කතා කරපු නෝනා මහත්තයෙක් කතා කරලා කිව්වේ 24,220ක හිඟ බිලක් තියෙනව හෙට උදේට ගෙව්වේ නැත්නම් ෆෝන් එක කපනවා මගෙන් ඇහුවා කවුද කතා කරන්නේ කියලා මම කිව්වා ඇමැති තමයි කතා කරන්නේ ලොකු මහත්තුරු ඔක්කොම ගිහිල්ලා හෙට උදේ ලොකු මහත්තුරු ආවට පස්සේ ගෙවන්න කියලා කියන්නම් කියලා.
මේ වගේ දේවල්වලින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපේ රටේ ආයතනවලට මොකද වෙන්නේ කියලා ඇමතිවරයා සදහන් කර ඇත”.
(සදරුවන් ප්‍රනාන්දු)