මුළු දිවයිනටම බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 06ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු 03ක් මේ වන විට විවෘත කර ඇත.
රාජාංගන ජලාශයේ විවෘතව පවතින වාන් දොරටු 06න් තත්පරයට ඝන අඩි 6100ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබෙන බව සදහන්.