පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට ඇත.
පවතින වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගයට ඉහල තේ වත්තේ පිහිටි පස්කන්දක් ගල්පර්වත කඩා වැටී ඇත.
දැනට රථ වාහන පිටමාරුව කෙටි මාර්ගය හරහා ධාවනය වන බවද පවතින වර්ෂාවත් සමඟ තවදුරටත් මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙ අවධානමක් තිබෙන බවත් , මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමට කටයුතු සිදු කරන බව මහියංගණ පලාත් මාර්ග ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය සදහන් කර තිබේ.
(සදරුවන් ප්‍රනාන්දු)