ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජන්ම දිනය අදයි.
56 වැනි වියේ පසුවන ඔහු, 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා තඹුත්තේගම දී මෙලොව එළිය දුටුවේය.
තඹුත්තේගම පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා හා සීලවතී යුවළට දාව උපත ලැබූ ‘දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක’ මෙරට නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඉකුත් සැප්තුම්බර් 21 වැනි දා ජනතා මනාපයෙන් තේරී පත්වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන කථාව සම්පූර්ණයෙන් ම කණ්පිට හරවමිනි.
පවුලේ බාලයා වන ඔහුට ඒක් සොයුරියක් ද සිටින බව සඳහන් ය.
තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත් අනුර කුමාර දිසානායක, ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් ගණිත අංශයට ඇතුළත් වී උසස් පෙළ හදාරන්නේ එම විදුහලේ පළමු විද්‍යා ගණිත කණ්ඩායම ලෙස ය.
පාසල් වියේදිම පීඩිත පන්තිය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දර්ශනය අධ්‍යයනය කළ අනුර, 1987 දී ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩ නැගුණු දැවැන්ත මහජන විරෝධතාකටයුතුවලට එක් ව තිබේ.
1988 වසරේ ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහු, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ විද්‍යාලයේ ගණිත අංශයෙන් සරසවි වරම් ලද පළමු ශිෂ්‍යයා ලෙස ය.
ඒ් වනවිටත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එක්ව සිටි අනුර කුමාරට දිගින් දිගටම ගම අධ්‍යාපන කටයුතු සහ දේශපාලන කටයුතු සමබරව පවත්වාගෙන යෑම පහසු කාර්යයයක් නොවුණ බව ඔහු පසුව හෙළි කර තිබේ.
කෙසේ වෙතත් උසස් පෙළ ඉහළින් සමත්වන ඔහු පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වන්නේ රට තුළ පැවැති දේශපාලන වාතාවරණය තුළමය.
ඔහු තෝරාගෙන සිටි දේශපානයට එවක පැවැති ප්‍රේමදාස රජයෙන් කිසිදු ඉඩක් නොලැබුණු නිසාම තම අධ්‍යාපන කටයුතු නිදහසේ කරගැනීමට ඔහුට නොහැකි විය. ඇති වූ විවිධ තත්ත්වයන් හමුවේ තම ඉංජිනේරු හීනය ද පක්ෂය වෙනුවෙන් අතැර දැමූ අනුර 1992 වසරේ දී කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ එහි භෞතික විද්‍යා අංශයටය. ඔහු එහිදී තම දේශපාලනයට මුල් තැන දුන්නත් 1995 වර්ෂයේ දී තම විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරන්නේ ස්වයං අධ්‍යයන කටයුතුවලින් පමණක් විෂය පථය ආවරණය කරගනිමින් වීම විශේෂත්වයකි.
වසර 1997 දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක තනතුරට පත්වන අනුර, පසුව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත්විය. ඔහු 1998 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩලයට ඇතුළත් විය.
1999 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස පළමු වරට බහුජන දේශපාලනය යොමු වී මධ්‍යම පළාත් සභාවට තරග කළේය.
පසුව, එනම් 2000 වසරේ පැවැති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුල් වරට පාර්ලිමෙන්තුවට තෝරා ගැණින.
ජනතා විමුක්ති පෙරමුණේ තීරණයකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය’ සමග 2004 වසරේ පැවැති මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගණන ලබා ගනිමින් ඔහු නැවත පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත්විය. ඔහු එම ආණ්ඩුවේ ඔහු කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පත්කරන ලදී.
2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වු අනුර කුමාර, 2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවතත් පාර්ලිමේන්තුවට තේරී තේරී පත්විය.
2014 වසරේ පෙබරවාරි මස 02 දා පැවැති ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකත්වයට අනුර කුමාර දිසානායක තෝරා පත් වූ අතර, ඒ සෝමවංශ අමරසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමෙන් පසුවය. ඔහු පක්ෂයේ 5 වැනි නායකයා වෙයි.
2015 දී මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැද මනාප ඡන්ද 65,966ක් ලබා ගනිමින් පර්ලිමේන්තුවට තේරී පත්වූ අනුර, 2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් 28ක එකතුවෙන් නිර්මාණය කළ ජාතික ජන බලවේගයේ ද නායකයා බවට පත්විය.
එම වසරේ මාලිමා ලකුණ යටතේ ජනාදිපතිවරණය සඳහා තරග වැදි ඔහු සියයට 3.16ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගෙන තෙවන ස්ථානයට පත්ව නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු අනුර, මනාප ඡන්ද 49,816ක් ලබා ගනිමින් පාර්ලිමේන්තු අසුනක් ලබාගත්තේය.
ගෝඨාභය රාජපක්ෂයේ පාලන සමයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ ආර්ථික, සමාජයීය හා
දේශපාලනික කඩාවැටීම හේතුවෙන් ජන අරගලයක් නිර්මාණය වූ අතර, ඉන් පසුව ඒ් වෙනුවට ජනතාව තුළ නව දේශපාලන සංස්කෘතිකයන් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති විය.
එම වන දේශපාලන සංස්කෘතියට නායකත්වය දුන් අනුර දිසානායක ප්‍රමුණ ජාතික ජන බලවේගය, පසුගිය සැප්තැම්බර් මස 21වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී ඡන්ද 5,740,179ක් ලබා ජයග්‍රහණය කරමින් මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
(ජනක බලල්ල)