23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

හිටපු මැකොගෙ නිවසට හොරු පැනලා

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙම නිවස  සොරුන් බිද ඇත්තේ තෙවැනි වරට බව සදහන්. නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුලුවී ඇති සොරුන් නිවසේ තිබූ රූපවාහිනිය ,ගෑස් සිලින්ඩරය ඇතුලු ගෘහ භාණ්ඩ රැසක් සොරකම් කොට ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles