22.4 C
Sri Lanka
Thursday, December 12, 2024

මත්තල ගුවන් තොටුපලේ ආදායමට වඩා වියදම අට ගුණයකින් වැඩී

2023 වර්ෂයේ   මත්තල  රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි  ආදායමට වඩා අට ගුණයකින් එහි  වියදම වැඩි බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වෙයි.

ඉකුත් වර්ෂයේ දි එහි මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2412.9ක්ද  ආදායම රුපියල් මිලියන 288ක් වන අතර ගුවන්තොටුපලෙහි  ආදායමට වඩා වියදම අටගුණයකින් වැඩි  ඒ අනුව    පාඩුව  රුපියල් මිලියන 2,124.1 කි. ඉකුත් වසර හයක කාලය තුලදි (2018-2023)  බදු ගෙවිමෙන් පසු ලබා ඇති සමුච්චිත  ශද්ධ පාඩුව  රුපියල් මිලියන 38,489ක් බව සදහන්.

ගුවන්තොටුපළේ   අපේක්ෂිත වාර්ෂික මගි ධාරිතාවය  මිලියනයක් වුවද  පසුගිය වසර  හය තුළ  මුළු මගින් සංඛ්‍යාවක් 190ක් 750ක්  පමණ ද ඉකුත් වසර හය තුල මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,182ක් බව  විගණන වාර්තාවේ සදහන් වේ.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles