20.2 C
Sri Lanka
Friday, March 21, 2025

3% සමාන අවස්ථා ඉල්ලයි

කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටුවලට මෙවර විපක්ෂයේ නියෝජිතයන් පත් කිරීමේදී පසුගිය පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජනය කළ ජාතික ජන බලවේගයට දුන්නා හා සමාන අවස්ථාවන් තමන්ට ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා කර ඇත.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනෙක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු සියලු කමිටු සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එම අවස්ථාවන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව සදහන්.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles