20.2 C
Sri Lanka
Friday, March 21, 2025

බේරූට් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් 20ක් මරුට

ඊශ්‍රායලය මධ්‍යම බේරූට් වෙත එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හිසුබුල්ලා සටන්කාමීන් රැදීසිටින ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවය.

මේ අතර ඊශ්‍රායල ජාතිකයන් දහස් ගණනක් ටෙල් අවිව්හි වීදිවලට ​​බැස සටන් විරාම ගිවිසුමක් ඉල්ලා විරෝධතාවක නිරත වන බව වාර්තා වෙයි.

මේ වන විට ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 44,176දෙනෙකු මිය ගොස් ඇති අතර ලෙබනනයේ පුද්ගලයන් 3,670ක් ද මිය ගොස් තිබේ.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles