20.2 C
Sri Lanka
Friday, March 21, 2025

ගංවතුර අවදානම වැඩි ගංඟා ද්‍රෝණි 12ක් නම් කෙරේ

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනයත් හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංඟා ද්‍රෝණි 12ක් නම් කරමින් අද (24) පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

හෙට (25) සිට එළැඹෙන (28) දක්වා වූ කාලය තුළ පහතින් නම්කර ඇති ගංගා ද්‍රෝණිවලට යම් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි ගංඟා ද්‍රෝණි , මල්වතු ඔය ද්‍රෝණිය , කලා ඔය ද්‍රෝණිය , කනගරායන් ආරු ද්‍රෝණිය , පරංගි ආරු ද්‍රෝණිය , මා ඔය ද්‍රෝණිය, යාන් ඔය ද්‍රෝණිය , මහවැලි ගඟ ද්‍රෝණිය , මාදුරු ඔය ද්‍රෝණිය , මුන්දෙනිආරු ද්‍රෝණිය , ගල්ඔය ද්‍රෝණිය , හැඩඔය ද්‍රෝණිය , විල ඔය ද්‍රෝණිය

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles