23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

නවක මන්ත්‍රීන්ගේ පුහුණු සැසිය 25 සිට

10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.

මෙම වැඩමුළුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පිළිබඳ මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද, දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳ පුහුණුවක් ද, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳ දැනුවත්කිරීමක් ද මෙහිදී ලබා දීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින් සිදුවන පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය පිළිබඳව ද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles