ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වැඩසටහනේ තුන්වෙනි සමාලෝචනයට එහි නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව අද (23) නිවේදනය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දුත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මේ බව පැවැසූ අතර, ඔහු පෙන්වා දුන්නේ IMF ඉහළ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක පමණ වන තුන් වැනි වාරිකය ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති බව ය.
ඔහු මේ බව සඳහන් කළේ මහ බැංකු ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය පිළිබඳ දැනුවත් කිරීමට පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට නව රජය මගින් පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සඳහා වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහා පීටර් බෲවර් නායකත්වය දුන් අතර ඔවුන් එම කටයුතු සදහා මෙරට රැඳී සිටින්නේ නොවැම්බර් 17 වැනි දා සිට ය.
2023 මාර්තු 20 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා අනුමත කරන ලදි. වැඩසටහන එය මාස 48ක් පුරා ක්‍රියාත්මක ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව මේ වසරේ ජුනි අවසානය වන තෙක් පැවැති ඉලක්ක සැලකිය යුතු මට්ටමින් සමාලෝචනය කර ඇති අතර සැප්තැම්බර් වන විටත් වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි.
ඔක්තොම්බර් මාසයට පෙර බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයකින් හෝ ක්‍රියාත්මක කර ඇති බව ද IMF නියෝජිතයන් පෙන්වා දුනි.
තවද, දිළිදු සහ අසරණ ජනතාව ආරක්ෂා කිරිමේ වගකීම රජයට ඇති බව ඔවුන් පෙන්වා දන් අතර, නව රජයේ ජන වරම දුෂණයෙන් තොර, ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා වන බව ද IMF නියෝජිතයන් එහිදි වැඩිදුරටත් පැවැසීය.
(සදරුවන් ප්‍රනාන්දු)