යාපනය දිස්ත්‍රික් නවක පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර අර්චුනා රාමනාදන්ට එරෙහිව නීතීඥයන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ඔහු තම ෆේස්බුක් ගිණුමෙන් දෙමළ ඊළම පිළිබඳව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම අංක 17යටතේ තරග කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු නව පාර්ලිමේන්තුව ආරම්භ කළ ඉකුත් 21 වැනි දා ම විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීමෙන් කතාබවට ලක්විය.
මෙම පැමිණිල්ල ගොනුකළ බවයි නීතිඥ ලලිත් විජේසුරේන්ද්‍ර මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව, දේශද්‍රෝහී වීමේ අපරාධය සිදුකර ඇති බවය.
(ජනක බලල්ල)