22.4 C
Sri Lanka
Thursday, December 12, 2024

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රතිප්‍රහාර

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයට යුද්ධයට දින සියය ඉක්ම වීමත් සමඟ ප්‍රබල මිසයිල ප්‍රහාර එල්ල කිරීම දක්වා දෙපාර්ශ්වය ම නව අදියරකට පැමිණ ඇත.

යුක්‍රේනය විසින් ඉකුත් 20 දා අළුයම බැලස්ටික් මිසයිල හයක් රුසියාවට එල්ල ඛළ අතර, ඊට ප්‍රති ප්‍රහාර අරඹමින් රුසියාව අද බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත. රුසියානු ජනාධිපති පුටින් සඳහන් කරන්නේ එම මිසයිලය වෙනත් කිසිදු අයුරකින් පාලනය කිරීමට නොහැකි ඒවා බව ය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බි්‍රතාන්‍යය විසින් යුක්‍රේනයට ලබා දෙන ලද මිසයිල රුසියාවට එල්ල කිරීමෙන් පසුව රුසියාව ද ඔවුන් සතු මධ්‍ය දුර බැලිස්ටික් මිසයිල යොදා ගනිමින්, යුක්‍රේනය අභ්‍යන්තරයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කර ඇත.

මේ අතර ඇමෙරිකාව ඇතුළු බාහිර පාර්ශ්ව රුසියානු යුක්‍රේන් යුද්ධයට සම්බන්ධ වීමත් සමග තුන්වැනි ලෝකය යුද්ධය ආරම්භ වීමක් පිළිබඳ යුක්‍රේන් හිටපු හමුදා නායකයා පවසා ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.

(චම්ලි මධුහංස)

More news>>>

Latest Articles