20.1 C
Sri Lanka
Friday, March 21, 2025

ඉදිරියේදී අතරමැදියන්ට ගසා කන්න ඉඩ තියන්නේ නෑ

වෙළෙඳපොළ තුළ පවතින නාඩු සහල් හිඟය සහ මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් සහල් මෙටි්‍රක් ටොන් 70,000ක ප්‍රමාණයක් ආනයනය කරන බව කෘෂිකර්ම ඇමැති කේ. ඩී. ලාල්කාන්ත ඊයේ (22) පවසා ඇත.

ඒ සදහා මෙම පියවර ගත් නමුත් දිගින් දිගටම සහල් ආනයනය කිරීමට ක්‍රියා නොකරන බවද ඔහු සදහන් කර තිබේ.

“රටට අවශ්‍ය ප්‍රමාණයට නාඩු නිෂ්පාදනය කර තිබුණට, අපේ වෙළෙඳපොළේ සහල් නැහැ. නමුත් පාරිභෝගිකයාට සහල් ලබාදිය යුතුයි. ගොවියාගේ ප්‍රශ්නයත් විසඳිය යුතුයි. අතරමැදියාට ගසා කෑමට මින්පසු ඉඩ තබන්නේ නැහැ. උත්සව සමයට අපි රටේ සහල් හිඟයක් තියන්නේ නැහැ. මුල් අදියර ලෙස මේ සහල් ගෙන්වීම පවතින තත්ත්වයට අනුව මූණදීමක්. දැන් මාස් කන්නය ආරම්භව තිබෙනවා. ඉන් රටට අවශ්‍ය නාඩු සහල් ප්‍රමාණය නිෂ්පාදනය කළ හැකි බව විශ්වාසයි” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

More news>>>

Latest Articles