23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  අද (23)   පවසා ඇත.

ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි,

“ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන කියලා. මේ අවුරුද්දෙ පවත්වන්න ප්‍රතිපාදන වෙන්කරලා නැහැ. නමුත් ලබන අවුරුද්දෙ මුල පළාත් පාලන මැතිවරණය.. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණය පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා”. 

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles