අස්වැසුම ප්රතිලාභ වැඩසටහනට අයදුම්පත් භාර දීමට සහන කාලයක් ලබා දීමට රජය තීරණය කරයි.
ඒ අනුව අස්වැසුම ප්රතිලාභ නොලද, පෙර ගැටලු ඇති පුද්ගලයන්ට දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට මේ මස 25 වනදා සිට දෙසැම්බර් 02වැනි දා දක්වා කාලය මෙලෙස ලබා දී ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එම පියවර ගෙන ඇත්තේ, අස්වැසුම ප්‍රතිලාභී වැඩසටහන සම්බන්ධයෙන් ජාතික ජන බලවේග රජය ගෙන ඇති තීරණයට අනුවය.
අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීමට තුන්ලක්ෂ හැත්තෑදාහක් (370,000) පළමු අදියර යටතේ අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර ඉන් ප්‍රතිලාභීන් එක්ලක්ෂ හැත්තෑදාහක් (170,000) පිළිගෙන තිබිණි.
මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ, ඔවුන්ට මේ වනවිටත් එම ප්රතිලාභ ගෙවමින් පවතින බවය.
(නායක බණ්ඩාර)