23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

ලබන වසරේ ජනප්‍රියතම සංචාරක ගමනාන්ත ශ්‍රී ලංකාව

තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර (2025) සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගමේ නවතම ප්‍රවණතා වාර්තාවෙන් හෙළි වී ඇත.

මීට පෙර ලබන වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට සිව් වෙනි ස්ථානය හිමිව තිබූ අතර නවතම ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන හතරක් ඉදිරියට එමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. 


ශ්‍රී ලංකාව ඉන්දියාව තරම් විශාල නොමැති වුවත් ඉන්දියාවේ ලබාගත හැකි අත්දැකීම සියල්ලම සහනදායි මිලකට ලංකාවේදී ලබා ගැනීමට හැකිවීම මෙවර ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන හතරක් ඉදිරියට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙකුට සමබර අත්දැකීමක් ලබාගත හැකි බවත් වෙරළ තීරයන්, සංචාරකයන්ට මිත්‍රශීලි හෝටල් සහ නිවාඩු නිකේතන, රසවත් ආහාර මෙන්ම තනිව සංචාරය කරන්නෙක් බලාපොරොත්තුවෙන සියලුමදේ ශ්‍රී ලංකාවෙන් සමබරව ලබාගත හැකි ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම වැඩිදුරටත් සදහන් කර  ඇත.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles