රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු, රුසියාව ඔවුන් සතු මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය වන අතර රුසියානු හමුදා මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල භාවිතයට ගනිමින් පහර දුන්නේ යුක්රේනයේ දිනිප්‍රෝ නමැති නගරයටය.
යුක්රේනය, ඇමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් ඔවුන්ට ලැබී ඇති දිගු දුර මිසයිල භාවිතයට ගනිමින් රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහර දීම ආරම්භ කර ඇති බැවින් රුසියන් හමුදා මෙසේ පහර දී ඇති බව සදහන්.
(සදරුවන් ප්‍රනාන්දු)