23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

රනිල්ට නඩු

දේශපාලන අල්ලස් වශයෙන් මත්පැන් හල් බලපත්‍ර නීති විරෝධීව ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති ලෙස රනිල් වික්‍රමසිංහට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

රනිල් වික්‍රමසිංහට අමතරව හිටපු සුරාබදු කොමසාරිස්, එන්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කර ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජූලි 26 වැනිදා සිට සැප්තැම්බර් 21 වැනි දින දක්වා මේ ආකාරයට නීති විරෝධී ලෙස මත්පැන් බලපත්‍ර ලබා දී ඇති බවට චෝදනා එල්ල කර ඇති බව සදහන්.

මත්පැන් අලෙවි සල් පවත්වාගෙන ගිය මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් වන සම්පත් අබේසේකර සහ එන්. රවීචන්ද්‍රන් යන දෙදෙනා මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles