20.2 C
Sri Lanka
Friday, March 21, 2025

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති ධූරට ඔලිම්පික් පදක්කම් ලාභි සුගත් තිලකරත්නට

නව රජයේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ධූරය ඔලිම්පික් සම්මානලාභි සුගත් තිලකරත්නට ලබා දී ඇත.

අද (21) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා අතින් ඔහු එම පත්වීම ලබාගෙන තිබේ.

ඒ අනුව මෙරට ඉතිහාසයේ ඔලිම්පික් ක්‍රීඩකයකු විසින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යධුරයක් ලබන පළමු අවස්ථාව ද මෙය වේ.

ජාතික ජන බලවේගය විසින් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සුගත් තිලකරත්න තෝරා පත්කර ගන්නා ලදී.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles