20.2 C
Sri Lanka
Friday, March 21, 2025

කෙහෙලිය වෙනුවෙන් රමේෂ්-රොෂාන්-ප්‍රසන්න CIDයට

රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ හා ප්‍රසන්න රණතුංග යන හිටපු අමාත්‍යවරුන් අය අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යොමුකළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට ඔවුන් මෙලෙස කැඳවා තිබේ.

අද දින පැමිණෙන ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දන්වා තිබුණත් ඔහු නොපැමිණි අතර, ඒ වෙනුවට හෙට (22) දිනයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles