20.2 C
Sri Lanka
Friday, March 21, 2025

අදානි පවුලට ඇමැරිකා අධිකරණයකින් අධි චෝදනා

ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන් අතරේ සිටින ගෞතම් අදානිට  ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර අධිකරණයක දී අධිචෝදනා ගොනු කර තිබේ.

2020 සහ 2024 අතර කාලය තුළ ඩොලර් මිලියන 250කට වඩා වටිනා සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට අල්ලස් වශයෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා දුන් බවට‍ ඔවුන්ට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.

අදානී ග්‍රීන් එනර්ජි සමාගමේ විධායක නිලධාරීන් ලෙස කටයුතු කරන ගෞතම් අදානිගේ බෑණාවරුන් වන සගාර් සහ නීත් ජායින් ද චූදිතයන් අතර වේ.

(චම්ලි මධුහංස)

More news>>>

Latest Articles