20.2 C
Sri Lanka
Friday, March 21, 2025

රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කිරීම යුක්‍රේනය අරඹයි

යුක්‍රේනය ප්‍රථම වරට ඇමරිකාව විසින් ලබා දෙන ලද දිගු දුර මිසයිල මගින් රුසියාවට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන-රුසියා යුද්ධය ආරම්භ වී මේ වනවිට දින 1,000ක් වන අතර, ඒ හේතුවෙන් යුක්‍රේනය ප්‍රථම වතාවට තම දේශසීමාව හරහා මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බවට වාර්තා වෙයි.

රුසියාවට දිගු දුර ඇමරිකානු අවි භාවිතා කිරීමට ජනාධිපති ජෝ බයිඩ්න්  විසින් අවසර ලබාදෙනු ලැබීමෙන් දින දෙකකට පසුව මෙම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වී ඇත. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්‍රේනය එරට වේලාවෙන් අලුයම 3:25 ට බැලස්ටික් මිසයිල හයක් එල්ල කළ බව ය.

එම ප්‍රහාර පහක් ප්‍රතිප්‍රහාර තුළින් වළක්වා ගැනීමට රුසියාව සමත් වුව ද එක ප්‍රහාරයක් හමුදා කඳවුරකට එල්ල වී ඇතත් ඉන් වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

More news>>>

Latest Articles