ඊ ටී අයි සහ ස්වර්ණමහල් යන ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන 23 වැනි දා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
තැන්පත්කරුවන් දහස් ගණනකගේ මුදල් වංචා කරමින් පෞද්ගලික පරිහරණයට යොදා ගත් බවට චෝදනා කර පවරා ඇති මෙම නඩුවේ නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය සැකකරුවන් ලෙස නම්කර තිබේ.
ඊ ටී අයි සමාගම සහ ස්වර්ණමහල් ආයතන මගින් සාමාජිකයන්ගෙන් ඉපැයූ මුදල් නීති විරෝධි ගිණුමකට බැරකොට රුපියල් බිලියන 7.2ක් වංචා කර ඇති බවටද චෝදනා එල්ල වෙයි.