20.2 C
Sri Lanka
Friday, March 21, 2025

සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට පියවර

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

මෙලෙස ආනයනය කිරීමට සැලසුම් කර ඇත්තේ නාඩු සහල් තොගයකි.

මහා පරිමාන මෝල් හිමියන් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබියදී ඔවුන් එම ගැටළුවට සාධාරණ මැදිහත්වීමක් සිදු නොකිරීමේ ප්‍රතිඵලයක් මත රජය මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වනවිට වෙළඳපොලෙහි නාඩු සහල් හිගයක් පවතින අතර, ඇතැම් වෙළඳුන් සන්තකයේ තිබෙන සහල් ද නියමිත මිල ගණන් යටතේ අළෙවි නොකිරීමෙන් පාරිභෝගිකයා දැඩි අසීරුතාවකට පත්ව ඇත.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles