හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාවට ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ ප්‍රකාශයක් පිළිබඳ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිල්ලෙයාන් පවසා සිටියේ අසාද් මවුලානා තම ජීවිතය සාර්ථක කරගැනීම සඳහා වාසි ලබාගැනීමේ අරමුණ ඇතිව මෙම ප්‍රකාශ සිදුකර ඇති බවයි. එසේම ඔහු බන්ධනාගාරයේ සිට පාසාතු ප්‍රහාරය මෙහෙයවූ බවට මාධ්‍යවේදීන් කළ යෝජනාවද ඔහු මෙහි දී ප්‍රතික්ෂේප කළේය.
(ජනක බලල්ල)